FAQ

FAQ

නිතර අසන ප්‍රශ්න

ලියාපදිංචිය, ගෙවීම්, පන්ති සහ ගිණුම ගැන පිළිතුරු.

ලියාපදිංචි වීමට මොනවා අවශ්‍යද?
0755804965 අංකයට WhatsApp පණිවිඩයක් එවා සිසුවාගේ නම, ශ්‍රේණිය, ලිපිනය සහ ක්‍රියාත්මක WhatsApp අංකය දන්වන්න. අපි ගිණුමක් සාදා username සහ password ලබා දෙන්නෙමු. එක් WhatsApp අංකයකින් එක් ගිණුමක් පමණක් සෑදිය හැක.
කුමන ශ්‍රේණි සඳහා පන්ති තිබේද?
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පන්ති පැවැත්වේ.
පන්ති ගාස්තුව ගෙවන්නේ කෙසේද?
සෑම පන්තියක්ම මාසික ගාස්තුවක් යටතේ පැවැත්වේ. Online මුදල් මාරු කිරීමක් හෝ ATM තැන්පතුවක් කර, Checkout හි “Send Payment Receipt” බොත්තම මගින් රිසිට්පත එවන්න. තහවුරු කළ පසු පන්තියට ප්‍රවේශය ලැබේ.
වැඩිපුර මුදලක් ගෙවුවොත්?
වැරදීමකින් වැඩිපුර ගෙවූ මුදල වැඩ කරන දින දහයක් ඇතුළත ඔබට නැවත ගෙවනු ලැබේ. විස්තර Refund & Return Policy පිටුවේ ඇත.
එකම ගිණුම උපාංග කිහිපයකින් භාවිතා කළ හැකිද?
ආරක්ෂාව සඳහා එක් ගිණුමක් එකවර එක් උපාංගයකින් පමණක් භාවිතා කළ හැක. අලුත් උපාංගයකින් Login වූ විට පරණ උපාංගය ස්වයංක්‍රීයව Logout වේ.
පන්ති පැවැත්වෙන වේලාවන් දැනගන්නේ කොහෙන්ද?
Class Time Table පිටුවේ සෑම පන්තියකම දිනය, වේලාව සහ ගුරුවරයා සඳහන් වේ.
Login වීමට අපහසු නම්?
WhatsApp අංකය 07X XXX XXXX ආකාරයෙන් ඇතුළත් කර බලන්න. Password අමතක නම් Login පිටුවේ “Forgot password?” ඔබා අපට WhatsApp කරන්න.

තවත් ප්‍රශ්නයක්? WhatsApp කරන්න